පෙට්‍රල් සහ ඩීසල් මිල අද (26) අලුයම සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) කටයුතු කර තිබේ.
ඒ අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, රුපියල් 450 කට පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ද, රුපියල් 400 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටර් එක මිල රුපියල් 60 කින් ද, රුපියල් 445 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් මිල ඉහළ දමා තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 460 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඉන්ධන සඳහා මේ වනවිට වැයකරන මුදල සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් නිකුත් කර තිබුණි.