Home උණුසුම් පුවත් අමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙට සිට දිවයිනට

අමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙට සිට දිවයිනට

අමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙට සිට දිවයිනට

අමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙට (26) සිට ලබන 29 දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණෙනු ඇත.

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම දූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත්, දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ද ඇතුළත් වන බවයි.

ඔවුන්ගේ සංචාරය අතරතුර මෙරට දේශපාලන නියෝජිතයින්, ආර්ථික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධාන ද හමු වී සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here