Home උණුසුම් පුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක නිවාඩු ඇමති අවලංගු කරයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක නිවාඩු ඇමති අවලංගු කරයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවක නිවාඩු ඇමති අවලංගු කරයි

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල සේවක නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.

යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල්  පොහොර සමාගම යනාදී ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු වනු ඇත.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000 කින් සමන්විත පොහොර නැව ජූලි මස 06 වැනිදා ලංකාවට ළඟාවීමට නියමිතයි.

එම යූරියා පොහොර නැව ගොඩබෑමෙන් පසුව දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ජූලි 07 දින සිට ජූලි 15 දක්වා සිදු වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව ඇත.

1 COMMENT

  1. කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත් විය යුතු.
    නිලධාරීන් සහ බලධාරීන් තමන් ගන්න පඩියට රට වෙනුවෙන් කැපවී කටයුතු කිරීම වැදගත් වෙයි.

Leave a Reply to ප්‍රකාශ් Cancel reply

Please enter your comment!
Please enter your name here