Home උණුසුම් පුවත් මෙරට සෑම පවුල් 10කින් 7කටම කෑමත් ප්‍රශ්නයක්

මෙරට සෑම පවුල් 10කින් 7කටම කෑමත් ප්‍රශ්නයක්

මෙරට සෑම පවුල් 10කින් 7කටම කෑමත් ප්‍රශ්නයක්

මෙරට සමස්ත ජනගහනයෙන් 25%කට එනම් ලක්ෂ 50කට වැඩි ජනගහනයකට අද වනවිට මන්දපෝෂණ හා පෝෂණ ගැටලු උග්‍ර වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ තුළ සෑම වයස් ඛාණ්ඩයකටම අයත් පිරිස ඇතුළත් බව අද පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ ය.

රටේ සෑම පවුල් 10කින් පවුල් 7කටම මතුවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාරවල ප්‍රමාණය හා ගුණාත්මකභාවය අඩු කිරීමට සිදුවීමේ ගැටලුවට මුහුණ පා ඇති බව ද හෙතෙම කීය.

ළමා මන්දපෝෂණ මට්ටම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධාන වාර්තා මගින් පෙන්වා දී ඇතැයි ඔහු කියාසිටී.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම තත්වය ඉදිරියේදී තවත් නරක අතට හැරීමට ඉඩ ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමනාකරණය කර ගනිමින් පෝෂණ ගැටලුවල බලපෑම් අවම කර ගැනීමත් අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමටත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට පස් වැදෑරුම් යෝජනාවලියක්ද ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here