Home උණුසුම් පුවත් සැප වාහන 5ක් ‍හොරෙන්ම ගෙන්වලා

සැප වාහන 5ක් ‍හොරෙන්ම ගෙන්වලා

සැප වාහන 5ක් ‍හොරෙන්ම ගෙන්වලා

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා තිබූ පාවිච්චි කරන ලද සුඛෝපභෝගී වාහන 5ක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් වාහන අතර BMW වාහන 2ක් සහ, Mercedes, Fiat, Audi වර්ගයේ මෝටර් රථයක් බැගින් තිබී ඇත.

මෙම වාහන එක්සත් රාජධානියේ සිට අමතර කොටස් මුවාවෙන් නීතිවිරෝධී ලෙස ආනයනය කර තිබේ.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලික ගමන් මළු ඒකකයේ තිබී මෙම වාහන රේගු අත්අඩංගුවට ගෙන ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් වසර 2කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය මුලුමනින්ම තහනම් කර තිබේ.

වාහන අමතර කොටස් ආනයනය සඳහා පැවති සීමා ලිහිල් කර ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here