Home උණුසුම් පුවත් විදෙස්ගත වන ගෘහ සේවිකාවන්ට අවම වයස් සීමාවක්

විදෙස්ගත වන ගෘහ සේවිකාවන්ට අවම වයස් සීමාවක්

විදෙස්ගත වන ගෘහ සේවිකාවන්ට අවම වයස් සීමාවක්

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාගත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීම පිණිස ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

මෙරට කාන්තාවන්ට ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව වූයේ සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21ක් ද වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී වයස් සීමාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට 2022 ජුනි මස 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.

ඒ අනුව, එකී අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here