තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කොවිඩ් අභියෝගය ශ්‍රීලන්කන් ගුවන් සේවයට හැරවුම් ලක්ෂයක්"- සභාපති අශෝක් පතිරගේ

    “කොවිඩ් අභියෝගය ශ්‍රීලන්කන් ගුවන් සේවයට හැරවුම් ලක්ෂයක්”- සභාපති අශෝක් පතිරගේ

    ගෝලීය කොරෝනා වසංගතය එක් දෘෂ්ටි කෝණයකින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වෙස්වළාගෙන ආ ආශිර්වාදයක් වූ බව එහි සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිසංස්කරණ සැලසුම්, භාණ්ඩ ප්‍රවාහනය කෙරෙහි අවධානය යොමු කිරීම සහ පශ්චාත් වසංගත තත්ත්වය තුළ නැවත නැගී සිටීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඇති හැකියාව විස්තර කරමින් Routes Online වෙත සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් සභාපතිවරයා මේ අදහස් දැක්වීය.

    COVID-19 ශ්‍රී ලංකන් ගුවන් සේවයට බලපා ඇත්තේ කෙසේද?

    අනෙක් හැමතැනකටම වගේ වෙන කවරදාකටත් වඩා අපට පෙර නොවූ විරූ ආකාරයකින් එමගින් බලපෑම් එල්ල වී තිබෙනවා. ලොව පුරා ගුවන් සමාගම්වලට එය විශාල වශයෙන් බලපෑවා.

    පසුගිය වසරේ මාර්තු 20 වන දින අපගේ ගුවන්තොටුපළ (බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ) වසා දැමූ විට, අපගේ ගුවන් යානාවල කල්බදු ගෙවීම සඳහා පමණක්වත් රැකෙන ආකාරය පිළිබඳව කටයුතු කිරීම ඉතා අසීරු වුණා, එබැවින් අපි අපගේ සියලුම බදු ගිවිසුම් ආදිය ප්‍රතිව්‍යුහගත කළා.

    වසංගතය පැමිණීමට පෙර පවා, ශ්‍රීලංකන් ගුවන් සේවය මහත් පරිශ්‍රමයක් දැරුවා. රජයෙන් අපිට ලද උපදෙස වූයේ ගුවන් සේවය නැවත ලාභදායි තත්ත්වයට ගෙන ඒමයි. මාව පත්කරන ලද්දේ පසුගිය වසරේ යි. වසර දෙකක කාලයක් තුළ ලාභ ලබා ගැනීමට අපට ව්‍යාපාර සැලැස්මක් තිබුණා.

    ඒත් එක්කම වසංගතයට අපිව ගොදුරු වුණා. COVID එන්නට පෙර අප සතුව ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් තිබුණා. 2020/21 මූල්‍ය වර්ෂය සඳහා අපිට අවසන් කරන්න වෙන්නේ ඩොලර් මිලියන 300 ක් පමණයි. එබැවින් අපි අපගේ ව්‍යාපාරයෙන් 30% ක් දක්වා පහත බැස තිබෙනවා.

    මෙම අභියෝග තිබියදීත්, අපි තරමක් හෝ හොඳින් කටයුතු කර ඇති බව මම කියන්න කැමති . ලෝකයේ බොහෝ ප්‍රදේශවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් – ප්‍රධාන වශයෙන් මැද පෙරදිග, මැලේසියාව සහ අසල්වැසි රටවල රැකියාවට ගිය අයව නැවත ගෙන්වා ගනිමින් අපි මානුෂීය ගුවන් ගමන් රාශියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා.

    ඊට පස්සේ අපි තව තවත් භාණ්ඩ ප්‍රවාහන වෙළඳාමට මාරු වුණා. අපගේ අපනයන වෙනුවෙන් අප රටට සේවය කළ යුතු වුණා එහිදී, භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරයේ අවස්ථාවක් ඇති බව අපට වැටහී ගියා. මේ කාලය පුරාම අප අවධානය යොමු කර ඇත්තේ මගීන්ගේ පැත්තට පමණයි.

    රජය ද අපට සහයෝගය ලබා දුන්නා. ඔවුන් ඩොලර් මිලියන 500 ක ආධාරක පැකේජයක් නිවේදනය කළා. දෙසැම්බරයේදී අපට මෙයින් ඩොලර් මිලියන 150 ක් පමණ ලැබී තිබෙනවා. අනෙක් ඩොලර් මිලියන 350 මෙම වසරේ සහ ලබන වසරේදී අපේක්ෂා කරමු.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන සැලසුම් මොනවද?

    මේ අවුරුද්දේ පවා අපිට ඉතාම හොඳ තත්ත්වයක් ගැන පුරෝකථනය කරන්න බෑ. අපි වසර පුරා 40% ක ප්‍රකෘතියක් ලබාගැනීමේ පදනම මත අපගේ ව්‍යාපාර සැලැස්ම සිදු කරගෙන යනවා.

    රටක් වශයෙන් අපි සංචාරක ගමනාන්තයක්. වසංගතයට පෙර අපට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4 කට ආසන්න ආදායමක් ලැබුවා. අද එය ශුන්‍ය වෙලා. දැන් අපි ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් සිටිනවා. සංචාරකයින්ට දින 14 ක් බුබුලක් තුළ රැඳී සිටීමට හැකි වන පරිදි සංචාරක බුබුලු අප විසින් ප්‍රකාශයට පත් කළා. පසුව PCR පරීක්ෂණයක් කර ඕනෑම තැනකට යන්න ඉඩ සලසනවා.

    අපි යුක්රේනය, රුසියාව සහ ලෝකයේ එවැනි ප්‍රදේශවලින් යම් අවස්ථා ලැබී තිබෙනවා. නමුත් මීට පෙර අපගේ අංක එකේ සංචාරක ප්‍රභවය වූයේ ඉන්දියාවයි. මේ මොහොතේ, අපි ඉන්දියානු සංචාරකයින්ට මෙහි සංචාරය කිරීමට ඉඩ දුන්නද, ඔවුන්ගේ රජය එයට ඉඩ දෙන්නෙ නෑ. අපි ඒ සඳහා බලපෑම් කරමින් සිටිනවා. එබැවින් ඉන්දීය රජය මෙම බාධකය නැවත විවෘත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

    සංචාරකයින් සම්බන්ධයෙන් චීනය අපගේ අංක දෙක වූ අතර එරට පුරවැසියන්ටත් පිටව යාමට ඉඩ දෙන්නෙ නෑ තවමත්. අපේ රටේ දෘෂ්ටි කෝණයෙන් බලා අපි නීති රාශියක් ලිහිල් කර තිබෙනවා. ඔබ එන්නත් දෙකම ගෙන ඇත්නම්, ඔබට කොළඹට පැමිණිය හැකිය. නමුත් එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේත් සීමාවන් තිබෙනවා.

    ඉතින් මේ මොහොතේ අපි කෙසේ හෝ මෙම බාධක මැඩගැනීමට අරගල කරමින් ඉන්නේ. නමුත් මෙම ශීත ඍතුවේ නොවැම්බර් මාසයේ සිට ලොව පුරා එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමත් සමඟ අපට වඩා හොඳ තත්වයක් උදා වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි දැන් ඉන්නේ.

    ශීත කාලගුණය නිසාත් දුරස්ථ ගමනාන්ත රාශියක් අඩපණ වී ඇති හෙයින්, පශ්චාත් COVID සමය ශ්‍රී ලංකාවට නැවත ශක්තිමත් වීමට අවස්ථාවක් තිබේ යැයි ඔබ හිතනවාද?

    එක්සත් රාජධානියේ, යුරෝපයේ සහ වෙනත් ස්ථානවල නීති වෙනස් වුවහොත් ශ්‍රී ලංකාවට ද විශාල අවස්ථාවක් තිබෙන්නේ ශීත ඍතුවේ දී පමණක් නොවෙයි. උදාහරණයක් ලෙස, ඉන්දියානු සංචාරකයින් සංචාරය කිරීමට සුදානම්, ඔවුන් මාලදිවයිනට ගමන් කරනවා එය වඩා මිල අධික ගමනාන්තයකි. ශ්‍රී ලංකාවට වාසිදායක අවස්ථා පිරිනමන්න පුළුවන් වගේම සාපේක්ෂව අප බෙහෙවින් ලාභදායී. මේ සියල්ල රඳා පවතින්නේ COVID වසංගත තත්ත්වය ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මතයි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත ලාභයට ගෙන ඒම පිළිබඳ ඔබ පුරෝකථනය කරන්නේ කෙසේද?

    ශ්‍රී ලංකන් ගුවන් සේවය නරක තත්ත්වයේ පැවතුණේ. COVID ට පෙර වර්ෂයට අපට ඩොලර් මිලියන 100 ක් පමණ අහිමි වුණා. එබැවින් අපගේ දෘෂ්ටිකෝණයෙන් මෙය වෙස්වළා ගැනීමේ ආශීර්වාදයක් වැනියි. සමාගම තුළ අපි බොහෝ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කළා. අපි අපගේ කාර්ය මණ්ඩලය අඩු කළා. අපි බදුකරුවන් සමඟ සාකච්ඡා කර ඇත්තෙමු. මෙම සැලසුම්වලින් අපි ඇත්ත වශයෙන්ම ඩොලර් මිලියන 100 ක් පමණ ඉතිරි කරගත්තා.

    අපි විශ්වාස කරන්නේ අපට පූර්ව COVID අවධියේ යම් ආදායමක් ලබා ගත්තා නම්, එය යළි ළඟාකර ගැනීමට හැකියි කියා.
    සමහර විට ඒ මේ වසරේ නොවූවත් එය අනිවාර්යෙන්ම ඉටුවේවි කියා. එය ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැරවුම් ලක්ෂයක් විය හැකියි.

    පශ්චාත් කොවිඩ් අවධිය තුළ ගුවන් සමාගමේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් භාණ්ඩ ප්‍රවාහනය තුළ පවතින්නේ යැයි ඔබ අපේක්ෂා කරනවා ද?

    ශ්‍රී ලංකාවට මේ වන විට කිසිදු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නෑ. ඒ නිසා අපි අපේ මගී ගුවන් යානයේ බඩු ප්‍රවාහනය කරනවා. අපි A330-200 යානය නැව් භාණ්ඩ ප්‍රවාහන සේවයක් බවට පරිවර්තනය කළා. නමුත් එය සැබෑ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නෙවෙයි.

    එබැවින් අපි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මිලදී ගැනීමට ද බලා සිටිනවා. මේ මොහොතේ අපි එය කල්බදු ක්‍රමයට ගැනීම සඳහා අපේක්ෂාවෙන් ඉන්නවා.

    ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පියාසර කරවන එමිරේට්ස් සහ කටාර් වැනි ගුවන් සමාගම් සමඟ අපට තරඟ කිරීමට සිදුවෙනවා. එබැවින් අපට විශාල අවස්ථාවක් තිබෙනවා. නොවැම්බර් මාසය වන විට සියල්ල හොඳින් සිදුවුවහොත් අපට ගුවන් යානා එකක් හෝ දෙකක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එබැවින් එම අපට එම කාල නියමයන්ට ඒ දේවල් හරියටම ලබා ගත හැකි නම් අපගේ ව්‍යාපාර සැලැස්ම සාර්ථක වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img