Home උණුසුම් පුවත් ටිකට් නැතිව මැච් එක බලන්න ගිහින් පොලීසියට පාට් දැමූ සරසවි සිසුන් සිව්දෙනා අත්අඩංගුවට

ටිකට් නැතිව මැච් එක බලන්න ගිහින් පොලීසියට පාට් දැමූ සරසවි සිසුන් සිව්දෙනා අත්අඩංගුවට

0
ටිකට් නැතිව මැච් එක බලන්න ගිහින් පොලීසියට  පාට් දැමූ සරසවි සිසුන් සිව්දෙනා අත්අඩංගුවට

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගය නැරඹිමට ප්‍රවේශපත්‍ර නොමැතිව ගොස් පොලිස් නිලධාරීන්ට පහරදෙමින් කළහාකාරී ලෙස හැසුරුණු බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් ඇතුළු සිසුන් සිව් දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අවස්ථාවේදී මෙම සිසුවිය ඇතුළු සිසුන් සිව් දෙනාම බීමතින් සිටි බව පල්ලෙකැලේ පොලීසිය සඳහන් කරයි.

මෙම සිසුන් ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව් වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අයයි.

පොලීසිය සඳහන් කරනුයේ ප්‍රවේශපත්‍ර නොමැතිව ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ඊයේ ක්‍රීඩාංගනයට ඇතුළුවීමට නොහැකිව ලතැවෙමින් පිටත සිටි බවය. ඒ අතර මෙම සරසවි සිසුන්ද සිටි බවත් ඔවුන් පොලිස් නිලධාරීන්ට පරුෂ වචන වලින් බැන වදිමින් ගැටුමක් ඇතිකර ගෙන ඇති බවය.

ආවේගශීලී ලෙස හා කලහාකාරීව හැසිරුණු එම සරසවි සිසුන් පාලනය කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරකම් පෑමක් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම සිසුන් සිව් දෙනා අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද හා කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here