
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් පිහිටවූ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වන විට සිය අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතු නිමාකර තිබේ.
එම අවසන් වාර්තාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇතුළු එහි සාමාජිකයන් විසින් විසින් අද (16) අත්සන් තබා ඇත.
එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීමට නියමිතය.