Home උණුසුම් පුවත් විදුලිබල පනතේ සංශෝධනය අද සිට නීතියක් වෙයි

විදුලිබල පනතේ සංශෝධනය අද සිට නීතියක් වෙයි

විදුලිබල පනතේ සංශෝධනය අද සිට නීතියක් වෙයි

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (15) පෙරවරු‌වේ සටහන් කර තිබේ.

මේ අනුව අද (15) සිට ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත 2022 අංක 16 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.

මෙම පනත් කෙටුම්පත පසුගිය (09) දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.

යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදුවේ.

මෙම සංශෝධනය මගින් යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here