Home උණුසුම් පුවත් තෙල් පෝලිමට යන්න කලින් ෂෙඩ් එකේ තොග ඇත්ද හරියටම දැනගන්න ක්‍රමයක්

තෙල් පෝලිමට යන්න කලින් ෂෙඩ් එකේ තොග ඇත්ද හරියටම දැනගන්න ක්‍රමයක්

තෙල් පෝලිමට යන්න කලින් ෂෙඩ් එකේ තොග ඇත්ද හරියටම දැනගන්න ක්‍රමයක්

ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය අය සඳහා තමන් සිටින ප්‍රදේශයේ පිරවුම්හල් වෙත ඉන්ධන බවුසර පැමිණෙන වේලාවන්, පවතින තොග පිළිබඳ දැනගත හැකි නව වෙබ් අඩවියක් රජය විසින් හඳුන්වා දී තිබේ.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව ය.

අන්තර්ජාලය සම්බන්ධ ඕනෑම පරිගණකයකින්, ස්මාර්ට් ජංගම දුරකතන තිරයකින් https://fuel.gov.lk/ වෙබ් අඩවියට පිවිස ළඟම ඇති ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තත්ත්වය පිළිබඳ දැනගැනීමේ හැකියාව මෙමගින් ලැබේ.

ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳ තොරතුරු ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය (CPSTL) විසින් සෑම දිනකම පෙ.ව. 9.00 වන විට මෙම පද්ධතියට මුදාහරිනු ලබයි.

මෙහි කාලය සටහන් වන්නේ පැය 24 ඔරලෝසු ආකෘතියෙනි.

ඔබ මෙහිදී ඉන්ධන තොග පිළිබඳ සොයාබලන විටදී එහි ප්‍රතිඵල ලබා දෙන්නේ පොම්ප ධාරිතාව සහිත පිරවුම්හල් හෝ ඉන්ධන බවුසරයක් යවන ස්ථාන සඳහා පමණි.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය (CPSTL) දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත යවන ලද ඉන්ධන බවුසර් පිළිබඳ විස්තර සහ එවා ඇති ප්‍රමාණය පිළිබඳව පද්ධතිය යාවත්කාලීන කරනු ඇත.

ඉන් අනතුරුව, ඉන්ධන පිරවුම්හලේ නියෝජිතයෙකු විසින් එම ස්ථානයේ ඇති තොග පිළිබඳව දිනපතා මෙම පද්ධතිය යාවත්කාලීන කරනු ඇත.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් වාර්තා සෑම පැය භාගයකට වරක්ම පද්ධතිය තුළ විස්තර යාවත්කාලීන වනු ඇත.

ස්ථානය, ඉන්ධන පිරවුම්හල සහ ඉන්ධන වර්ගය අනුව ඉන්ධන තිබේද යන්න සෙවීමට මෙමගින් මහජනතාවට හැකි වේ.

මීට අමතරව ටෝකන් පාදක ක්‍රමයක් ද ඉදිරියේදී හඳුන්වා දෙන බව සිපෙට්කෝ ආයතනය පැවසීය.

මෙම වෙබ් අඩවිය මගින් ඉන්ධන පෝලිම් මුළුමනින්ම ඉවත් කිරීමට හැකිවනු ඇතිද යන්න සැකසහිත නමුත් මෙය භාවිත කරන්නන් වැඩිවන තරමට පෝලිම් අඩුවනු ඇතැයි අනුමාන කළ හැකිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here