Home උණුසුම් පුවත් රජය එක්ක බිස්නස් කරන අය මන්ත්‍රීලා වීම වළක්වන්න මහජන සහය ඉල්ලයි

රජය එක්ක බිස්නස් කරන අය මන්ත්‍රීලා වීම වළක්වන්න මහජන සහය ඉල්ලයි

රජය එක්ක බිස්නස් කරන අය මන්ත්‍රීලා වීම වළක්වන්න මහජන සහය ඉල්ලයි

රජය සමඟ ව්‍යාපාරියක කටයුතු සිදු කරන පුද්ගලයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම වැලැක්වීම සඳහා මහජන සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පියවර ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් රජය සමඟ ව්‍යාපාරික කටයුතු සිදුකරන පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ ව්‍යාපාර හිමිකම් හා රජය සමඟ සිදු කරමින් ඇති ගණුදෙනු පිළිබඳ තොරතුරු, දත්ත හා සාක්ෂි පහත ඊමේල් සහ සමාජ මාධ්‍ය වෙත පණිවුඩ මගින් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලා සිටී.

දැනට එලෙස කටයුතු කරන හෝ අනාගතයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට නියමිත පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන සුබසෙත උදෙසා කටයුතු කිරීමට මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

අභියාචනාධිකරණයේ CA/1164/98 (ඩිලාන් පෙරේරා එදිරිව රාජිත සේනාරත්න) නඩු තීන්දුව අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් රජය සමඟ ව්‍යාපාරික කටයුතු සිදු කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවීමට හේතුවකි.

https://www.facebook.com/chrlanka
chrslmedia@gmail.com
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන්
Center for Human Rights and Research – CHR Sri Lanka
https://www.facebook.com/197921813559709/posts/5482880945063743/?sfnsn=mo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here