Home උණුසුම් පුවත් ධම්මිකගෙ නම මැතිවරණ කොමිසමට යවයි

ධම්මිකගෙ නම මැතිවරණ කොමිසමට යවයි

ධම්මිකගෙ නම මැතිවරණ කොමිසමට යවයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සදහා ව්‍යාපාරික ධම්මික පෙරේරා නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් ධම්මික පෙරේරා මහතාට ඒ සඳහා යම් නීතිමය බාධාවන් පවතින බවට ද ආරංචි මාර්ග පැවැසීය.

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පත්කෙරුණේ ජයන්ත කැටගොඩ මහතා ඔහු වෙනුවෙන් ඉල්ලා අස්වීම නිසයි.

ඊයේ දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා ද පැවසුවේ පොදුජන පෙරමුණෙන් සුදුසු පුද්ගලයකු පාර්ලිමේන්තුවට යැවීමට ඉඩ දීම සඳහා තමන්ට ඉල්ලා අස්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here