Home උණුසුම් පුවත් මහ මුහුදේ හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට ගිය 15 ක් උඩින් එවයි

මහ මුහුදේ හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට ගිය 15 ක් උඩින් එවයි

0
මහ මුහුදේ හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට ගිය 15 ක් උඩින් එවයි

මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුක නැගී නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සහ දැරීමේදී එරට දේශසීමා ආරක්ෂක අංශයට හසුවීමෙන් අනතුරුව පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් අද මෙරටට පැමිණියේය.

ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එම පිරිස කටුනායක බණ්ඩාරනාය ගුවන් තොටුපොලට රැගෙන එන්නේ අද අලුයම 4.40 ට පමණය.

මෙම ශ්‍රී ලාංකිකයින් එක් අයෙකුට එක් ආරක්ෂක නිලධාරියෙක් බැවින් ද පැමිණ ඇති බව සඳහන්ය.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ගුවන් තොටුපොලේදී ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයීය නිලධාරීන් පිරිසක් විසින් භාරගෙන ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත්කර තිබේ.

අනතුරුව ඔවුන් 15 දෙනා භාරකෙරී ඇත්තේ ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙතය. රාජ්‍ය බුද්ධි සේවයේ කටුනායක ඒකකයේ නිලධාරීන්ද දීර්ඝ ලෙස ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ඇති බව සඳහන්ය. ඒ ඔවුන්ව බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට යැවූ ඡාවාරම්කරුවන් ගැන තොරතුරු දැන ගැනීමටය.

මෙම පිරිස මීගමුව සහ ඒ අවට පදිංචිකරුවන්ය. වයස අවුරුදු 20ත් 30 අතර පසුවන ඔවුන් ඕස්ට්‍රේලියාව ඉලා යාත්‍රාකර ඇත්තේ ඉකුත් මාසයේදීය.

එරට ආරක්ෂක අංශ වෙත ඔවුන් හසුවී ඇත්තේ කාර්මික දෝෂයකට ලක්ව ඔවුන් ගමන්ගත් යාත්‍රාව ඕස්ට්‍රෙලියානු මුහුදු සීමාවේ පාවෙමින් තිබියදීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සියළු පහසුකම් සපයා ක්‍රිස්මස් දූපතේ රදවා තබා පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබේ.

මෙම පිරිස අද මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here