තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුලියට ගන්නා වාහන අලෙවි කිරීමේ ඡාවාරමක්

    කුලියට ගන්නා වාහන අලෙවි කිරීමේ ඡාවාරමක්

    කුලී පදනම මත ලබාගන්නා වාහන නැවත එහි හිමිකරුවන්ට ලබානොදී අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි කල්ලියක සාමාජිකයන් තිදෙනෙක් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුලී පදනම මත ලබාගත් වාහන නැවත හිමිකරුවන්ට ලබානොදීමේ සිදුවීම් 07ක් සම්බන්ධයෙන් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණීලි කිහිපයක් විභාග කිරීමේදී මෙම ඡාවරම අනනාවරණය වී ඇත.

    එසේ කුලී පදනම මත ලබාගත් මෝටර ්රථ 05 ක් , වෑන් රථ 02ක් සහ ජිප් රථයක් කිලිනොච්චියේ පදිංචි පුද්ගලයින් කිහිප දෙනෙකුට අලෙවිකර තිබියදී සොයාගෙන තිබේ.

    මෙම වංචාව සංවිධානාත්මකව සිදුකරගෙන ගොස් ඇති බවත් මුල් මාස කිහිපය තුළ වාහනවල කුලිිය නියමිත ලෙස ගෙවමින් මෙම වංචාව සිදුකර ඇති බව සඳහන්ය.

    අත්අඩංගුවටගත් සැකකරුවන් පිළිමතලාව සහ දංතුරේ පදිංචිකරුවන්ය. මාවනැල්ල අධිකාරණයට අද (09) ඔවුන්ව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img