Home දේශීය පුවත් අතුකෝරාල මන්ත්‍රීවරයාගේ ඝාතනයට 29 වෙනියාත් අත්අඩංගුවට

අතුකෝරාල මන්ත්‍රීවරයාගේ ඝාතනයට 29 වෙනියාත් අත්අඩංගුවට

අතුකෝරාල මන්ත්‍රීවරයාගේ ඝාතනයට 29 වෙනියාත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් ගුණවර්ධන නිට්ටඹුව නගරයේදී අමානුෂික ලෙස ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ බෝපාගම පදිංචිකරුවෙක් වන ඔහු 24 වන වියේ පසුවන තරුණයෙකි.

හෙට ඔහුව අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 29 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර 28 දෙනෙක් මේ වන විටත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

ඒ අතර සමෘද්ධි නියාමකවරයෙක්, ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයින් දෙදෙනක්, වෙළෙන්දෙක්, ඇගළුම් අලෙවි ස්ථානයක කළමනාකරුවෙක්, ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙක්, පරණ යකඩ බඩු එකතුකරන්නෙක් ඇතුළු පිරිසක් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here