තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැසිල් යයි - ධම්මික එයි

    බැසිල් යයි – ධම්මික එයි

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත.

    ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වන බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධූරයට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට නියමිතය.

    ඒ වෙනුවෙන් ධම්මික පෙරේරා මහතා පොහොට්ටුවේ සාමාජිකත්වයද ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට නම් කිරීමට සමගාමීව ඔහුට ආර්ථිකයට අදාල කැබිනට් ඇමතිධුරයක් ලබාදීමටද නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකඟත්වයද ඊට හිමිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    සිය ඉල්ලා අස්වීමට පෙර බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද නියමිතය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරනුයේ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පූර්ණකාලීනව පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතුකරනු ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img