තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩි මිලට හාල් විකිණූ අයට වෙච්ච දේ - වැටලීම් දිගටම

    වැඩි මිලට හාල් විකිණූ අයට වෙච්ච දේ – වැටලීම් දිගටම

    වැඩි මිලට සහල් අලෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 12ක් සිදුකර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    ඉන් සිද්ධීන් 03ක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමක්ද සිදුකර ඇති අතර ඉන් නඩු 02ක් සඳහා රුපියල් ලක්ෂයක සහ ලක්ෂ 05ක දඩ නියම කර ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

    එසේම තනි පුද්ගල ව්‍යාපාරයක් විසින් වැඩි මිලට සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 01ක සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලක් හෝ මාස 06ක සිර දඬුවමක් නියම කළ හැකි බවද අධිකාරිය පෙන්වා දේ.

    ඇතැම් විට අදාළ දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම අධිකරණය විසින් නියම කිරීමටද ඉඩ පවතිනවා .
    පුද්ගලික සමාගමක් විසින් වැඩි මිලට සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 05ක සිට ලක්ෂ 50 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img