fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔත්තුකරුවන් ගැන ඔත්තු බලන අයට චීන රජයෙන් තෑගි

    ඔත්තුකරුවන් ගැන ඔත්තු බලන අයට චීන රජයෙන් තෑගි

    චීන රජය විසින් රට තුල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල නිරත පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබාදෙන පුරවැසියන් හට යුවාන් ලක්ෂයක තෑගි මුදලක් හෝ විශේෂ ඇගයීමේ සහතිකයක් ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව චීනය තුල ඔත්තු බැලීමේ නිරත, රාජ්‍ය විරෝධී මත ප්‍රචාරය කිරීමේ කටයුතු නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු රැස්කිරීම සිදුකර කරනු ලබයි.
    මෙම මුදල් හෝ සහතික පත්‍රය එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබාදීම සිදුකරනු ලබන අතර ලබාදෙන තොරතුරු වල වැදගත්භාවය මත ඒ සඳහා ලබා දෙන තෑගි මුදල තීරණය වනු ඇත.

    ඒ අනුව මෙම ලබාදෙන තොරතුරු මීට පෙර රාජ්‍ය ආරක්ෂක අංශ වෙත වාර්තා නොවූ තොරතුරු විය යුතු අතරම එහි වැදගත්කම මත යුවාන් දස දහසසේ සිටි ලක්ෂය දක්වා අතර වටිනාකමින් යුතු මුදල් තෑගි ලබාදීමට නියමිතය.

    යම් ඔත්තුකරුවෙකු හෝ රාජ්‍ය කුමන්ත්‍රනකරුවෙකු සම්බන්ධයෙන් වූ තොරතුරු තැපැල්, අන්තර්ජාලය ඔස්සේ, දුරකථන මාර්ගයෙන් හෝ පැමිණ ලබා දීමට හැකියාව පවතී.

    පසුගිය කාලය පුරාවටම චීනය රජය විසින් බාහිර පාර්ශවයන්ගෙන් එල්ලවිය හැකි බලපෑම් වැලැක්වීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර මෙලෙස මහජනතාවට රජයට තොරතුරු ලබාදීමට මුදල් තෑගි ලබාදීම 2017 වර්ෂයේද ක්‍රියාවාට නැංවීය.

    2017 වර්ෂයේදී ක්‍රියාත්මක වැඩසටහනේදී ත්‍යාග මුදල වශයෙන් යුවාන් ලක්ෂ පහක මුදලක් ලබාදුන් අතර එහිදී පුද්ගලයින් පන්දහසකගේ තොරතුරු අනාවරණය කරගැනීමට චීන රජයට හැකියාව ලැබුණු බවට නිවේදනය කළේය.

    ෂී ජින් පින් 2013 වර්ෂයේදී චීන ජනාධිපතිධුරයට පත්වීමත් සමඟම එරට ජාතික ආරක්ෂාව වර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළේය. එහිදී චීනට නිරන්තරයෙන් බටහිර රාජ්‍යන්ගෙන් බලපෑම් එල්ලවිය හැකි බවට ජනතාව තුල මතයක් ඇති කිරීමටද ඔහු සමත්විය.

    ඒ අනුව 2016 වර්ෂයේදී චීන රජය විසින් ජාතික ආරක්ෂක අධ්‍යාපන දිනයක් ක්‍රියාත්මක කළ අතර එමගින් එරට පාසල් දරුවන්ට ජාතික ආරක්ෂාවේ වැදගත්කම දැණුම්වත් කිරීමට මූලික අරමුණ විය. එහිදී ළමුන්ගේ සිත්ගන්නා පරිදි චිත්‍රකතා ආකාරයෙන් මෙම දැණුම්වත් කිරිම් ක්‍රියාත්මක විය. මෙහිදී ඔත්තුකරුවන් සොයා ගැනීම පදනම් වූ පරිගණක ක්‍රිඩා පවා හඳුන්වා දීමට චීනය පියවරගෙන තිබිණි.

    මෙම නව තත්ත්වය මත චීනය තුල සිටින සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, විදේශ රටවල අධ්‍යාපනය ලැබූවන් හා ධනවතුන් සම්බන්ධයෙන් යම් සමාජ විරෝධයක් නිර්මාණය වී තිබේ. මීට හේතුව වී ඇත්තේ එම පුද්ගලයින් විදේශ රටවල් වෙනුවෙන් ඔත්තු බැලීමේ නිතරවන බවට චීන ජනතාව තුල දැඩි මතයක් නිර්මාණය වී තිබිමයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.