තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඇල්පිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ලොකු පිපුරුමක්

    ඇල්පිටියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ලොකු පිපුරුමක්

    ඇල්පිටිය කහපොළ නාගහාතැන්නේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසක අද උදෑසන විශාල පිපුරුමක් සිදුවී තිබේ.

    එම පිපුරුමෙන් නිවෙසේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර නිවෙස් හිමි ව්‍යාපාරිකයා තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    මේ සම්බන්ධයෙන් කෙරුණු පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ කළුගල් පිපිරවීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයකට ගිනි ඇවිලීමෙන් මෙම පිපුරුම සිදුව ඇති බවය.

    නිවෙස් හිමි ව්‍යාපාරිකයාට ගල්කොරියක් ඇති බවත් ගල්වෙඩි දමා ඉතිරිවන පුපුරණ ද්‍රව්‍ය ඔහු සිය නිවස පිටුපස ගබඩාකර තිබෙන බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

    අද උදෑසන ව්‍යාපාරිකයා සිය ගෙවත්ත පිරිසිදු කර කසල ගොඩගසා ඒවාට ගිනි තබා ඇත්තේ නිවස පිටුපස කොටසේය. එහිදී වෙඩි නූලකට ඇවිලුණු ගිනි දැල්ලක් දැවී ගොස් ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය පුපුරා ගොස් ඇති බව ද එම නිලධාරියා කීය.

    තවදුරටත් ඒ බව තහවුරුකර ගැනීමට රස පරීක්ෂකවරයාගේ සහය ලබාගැනීමට තමා ඇල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දුන් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img