fbpx
තවත්
    මුල් පිටුවGOSSIPඅධිවේගයේ පොලිස් නිලධාරීන්ට කුණුහරුප කී මන්ත්‍රී පුතයි ලේලියි අල්ලන්න සොයයි

    අධිවේගයේ පොලිස් නිලධාරීන්ට කුණුහරුප කී මන්ත්‍රී පුතයි ලේලියි අල්ලන්න සොයයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

    මේ වන විට ඔවුන් දෙදෙනා පදිංචි ස්ථානවලින් ඉවත්ව සැඟව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයාත් ලේලියත් කැබි රථයකින් බැදිගම අන්තර් හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට පිවිසීමට පැමිණ ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. කැබ් රථයේ පිටුපස ශිතකරණයක් උස අතට සිටින සේ තබා තිබී ඇති අතර කැබ් රථයේ පිටුපස දොර තිබී නැති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    එසේ කැබ් රථයේ උඩ අතට සිටින සේ ශීතකරනය රැගෙන යාම අනතුරු සහිත බැවින් එය එසේ රැගෙනයාමට ඉඩදිය නොහැකි බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් පැවසීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට එසේ අසභ්‍ය වචනවලින් බැන වැදී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

    එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් සියල්ල තම ජංගම දුරකතනයේ පටිගතකර උසස් නිලධාරීන්ට ඒ බව දැනුම් දී තිබේ. එහිදී උසස් නිලධාරීන්ගේද උපදෙස වී ඇත්තේ එම ආකාරයෙන් කැබි රථයට අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට ඉඩ නොදෙන ලෙසය. ඒ අනුව ඔවුන් දෙදෙනා කැබ් රථය හරවාගෙන ගොස් තිබේ.

    දිලිප් වෙදආරච්චි මහතාගේ ලේලිය නීතීඥවරියක් ලෙස පෙනී සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ඇය නීතීඥවරියක් නොව, නීති විභාග ප්‍රවේශයට මුහුණ දී සිටින තැනැත්තියක් බව පෙනී ගිය බවත් පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.