තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුමින්ද සිල්වාට ලැබුුණු ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

    දුමින්ද සිල්වාට ලැබුුණු ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ.

    ඒ ඔහුට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව වන ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.

    දුමින්ද සිල්වාගේ විදේශ ගමන් තහනම් කරමින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් සිල්වා මහතා ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලැබීය.

    කොළඹ මහාධිකරණයේ තීන්දුවට එරෙහිව එවකට දුමින්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබුණි.

    එහිදී ඝාතන වරදට මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

    ඉන් අනතුරුව 2021 ජුනි 24 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වා මහතාට විශේෂ ජනාධිපති සමාවක් ලබා දී තිබුණි.

    නිදහස් වූ පසු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස දුමින්ද සිල්වා පත් කරන ලද්දේ පසුගිය අගෝස්තු මාසයේදී ය.

    මේ මස මුලදී දුමින්ද සිල්වා රටින් පිටව ගොස් ඇති බවට ඇතැම් වාර්තා ද පළ විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img