තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අටලුගම දැරිවියගේ ඝාතකයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවෙක් - ගමේ අයත් එක්ක දැරිවිය...

    අටලුගම දැරිවියගේ ඝාතකයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවෙක් – ගමේ අයත් එක්ක දැරිවිය සොයන්නත් ඇවිල්ලා

    අටලුගම දැරිවියගේ ඝාතකයා බවට හදුනාගෙන සිටින පුද්ගලයා අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූ වෙක් බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    දැරිවියගේ පියා සමඟ එක්වද එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් ඒ හේතුව නිසා දැරිවිය පදිංචිව සිටි නිවසට ඔහු නිතර යන එන බවත් අනාවරණය වී ඇත.

    විසි අට හැවරදි වියේ පසුවන එම පුද්ගලයා දැරිවියට අතවර කිරීම සඳහා ඇයව වගුරු බිම දෙසට අතින් ඇදගෙන යන්නට ඇති බවත් දැරිවිය කෑ ගසන්නට වූ බැවින් ඇය මුහුණ මඩේ ඔබාගෙන සිටීමකදී මරණය සිදුවන්නට ඇති බවත් පොලීසිය සැකකරයි. මෙම සැකයන් තහවුරුකර ගැනීමට අවශ්‍ය තොරතුරුද මේ ව ලැබී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    දැරිවිය අතුරුදන් වීමෙන් පසු මුළු ගමක්ම දැරිවියව සොයන විට ඔහුද දැරිවිය සොයන්නට පෙරමුණ ගෙන සිට ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැස්කරගැනීමට ගම්වැසියන්ගෙන් විශාල සහයක් පොලීසියට ලැබී ඇති බවද සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img