fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඖෂධ සමාගම් ඖෂධවල මිල අසීමාන්තික ව ඉහළ දමනවා - පෞද්ගලික ඔසුසැල් හිමියන්

    ඖෂධ සමාගම් ඖෂධවල මිල අසීමාන්තික ව ඉහළ දමනවා – පෞද්ගලික ඔසුසැල් හිමියන්

    ඖෂධ සමාගම් විසින් ඖෂධවල මිල අසීමාන්තික ව ඉහළ දැමීම හේතුවෙන් රෝගීන් මෙන්ම තමන්ද දැඩි අසීරුතාවට පත්ව සිටින බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

    එම සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ඖෂධවල මිල නියාමනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලයක් ඇතත් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

    ඖෂධ සඳහා මිල නියාමනයක් සිදු නොවන්නේ නම් බොහෝමයක් පෞද්ගලික ඔසුසැල් වසා දැමීමට සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළා.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.