තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දේශනය ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කිරීමක් බව චීනය කියයි

    ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දේශනය ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කිරීමක් බව චීනය කියයි

    චීනය කෙරෙහි ඇමරිකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව විස්තර කරමින් එරට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා කළ දේශනය, ව්‍යාජ තොරතුරු ලොවට ව්‍යාප්ත කිරීමක් බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී ය.
    ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී  “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්තියේ නව ප්‍රධාන කරුණු පැහැදිලි කර ඇත.
    සෙසු රටවලට එල්ලවන‘චීන තර්ජනයක්’ පිළිබඳ අදහසක්  හුවාදක්වමින් චීනයේ දෙස් විදෙස් ප්‍රතිපත්ති අපකීර්තියට ලක් කළ එම දේශනයේ අරමුණ වන්නේ, තම රටේ සංවර්ධනය අඩාල කර ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීම බව වං වෙන්බින් මහතා  පෙන්වාදෙයි.  අතීත, වර්තමාන, අනාගත යන ත්‍රෛකාලයේම , චීනය ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙසට අනිවාර්යයෙන් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img