Home උණුසුම් පුවත් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.

චිතගොංහි පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඩකා හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළේය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 365කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506ක් ලබා ගත්තේය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය, කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු පිළිවෙලින් කඩුලු 5ක් හා 4ක් බිඳ හෙළමින් ප්‍රතිවාදීන් ලකුණු 169කට සීමා කළහ.

අනතුරුව ලකුණු 29ක ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගැනීමට සමත්වීමත් සමඟ දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here