Home උණුසුම් පුවත් මන්ත්‍රී ආරක්ෂකයා මරා ATM කාඩ්පත සොරාගෙන කුඩු ගැසූ 2ක් අල්ලයි

මන්ත්‍රී ආරක්ෂකයා මරා ATM කාඩ්පත සොරාගෙන කුඩු ගැසූ 2ක් අල්ලයි

මන්ත්‍රී ආරක්ෂකයා මරා ATM කාඩ්පත සොරාගෙන කුඩු ගැසූ 2ක් අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කර පොලිස් ආරක්ෂකයාගේ ඒ.ටී.එම්. කාඩ්පත රැගෙනගොස් භාණ්ඩ මිලදී ගත් ගත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

පොලිස් ආරක්ෂක නිලධාරියාව අරගෙන ගිහින් මාර්ගයේ ඇති විදුලි පහන් කණුවක ගැටගසා පහරදී ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. එම පොලිස් නිලධාරියාගේ බිරිඳට අයත් ඒ.ටී.එම්. කාඩ්පත තිබී ඇත්තේ ඔහු සතුව බවත් පහරදෙන අතර තුර ඒම කාඩ්පත මොවුන් දෙදෙනා විසින් සොරාගෙන ඇති බවත් තල්දූව මහතා කීය.

එම කාඩ්පතින් රුපියල් ලක්ෂ දෙකහාමාරක් වටිනා භාණ්ඩ මිලදී ගෙන එම භාණ්ඩ විකුණා ඇති බවත් ඒම මුදල් වලින් මත්කුඩු භාවිතාකර ඇති බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here