Home උණුසුම් පුවත් පෙට්‍රල් 420ට ඩීසල් 400ට නගියි

පෙට්‍රල් 420ට ඩීසල් 400ට නගියි

පෙට්‍රල් 420ට ඩීසල් 400ට නගියි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (24) අලුයම 3 සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ දමමින් ලීටරයක මිල රුපියල් 420ක් දක්වා ගෙනවිත් ඇත. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 450ක් වන අතර එම ලීටරයක් ඉහළ දමා ඇති මුදල රුපියල් 77කි.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400කි. මිල වැඩිවීම අනුව රුපියල් 111කින් ඔටෝ ඩීසල් ලීටරය ඉහළ ගොස් ඇත. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 116කින් ඉහළ දමමින් නව මිල රුපියල් 445ක් දක්වා ගෙනවිත් තිබේ.

ලෝක වෙළඳ පොලේ පවතින තෙල් මිල සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල සුත්‍රයට අනුව මිල ඉහළ දමා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here