තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනයට චීන ජනපතිගෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක්

    ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනයට චීන ජනපතිගෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක්

    චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුවේ 70 වැනි සංවත්සර සැමරුම් සම්මේලනය හෙවත්, ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වෙයි. සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ 18 වැනිදා පැවැත්විණ.

    වර්තමානයේ බොහෝ රටවල වාණිජ හා කාර්මික ක්ෂේත්‍රයන්ට, සාමකාමී සංවර්ධනය, යුක්තිය, සාධාරණත්වය සහ සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ දිනාගැනීම සඳහා දැඩි අවශ්‍යතාවක් ඇති බව ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ සඳහා හෙතෙම සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ජනතාව හා ජන ජීවිතයට ප්‍රමුඛතාව ලබාදෙමින් වසංගතය ජය ගැනීම, වසංගත පාලනය හා ආර්ථික සංවර්ධනය මනා සම්බන්ධීකරණයකින් පවත්වා ගැනීම, නව වර්ධන හැකියා ගවේෂණය කර, බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීම සහ සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කිරීම එම සිව්වැදෑරුම් යෝජනා වේ.

    චීනයේ, විවෘතභාවය පුළුල් කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොවන බවත්,  නීත්‍යනුකූල භාවයෙන් යුතු, ජාත්‍යන්තර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමෙහි තම රට අඛණ්ඩව නිරත වන බවත්, චීන ජනපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img