තවත්
    මුල් පිටුවදේශීය පුවත්බුදු දහමට අපහාස කලාට සන්නස්ගලටයි චතුරංගට යි ඇප

    බුදු දහමට අපහාස කලාට සන්නස්ගලටයි චතුරංගට යි ඇප

    බුදුන්ගේ රස්තියාදුව නමින් බුදු දහමට නිග්‍රහකරන ග්‍රන්තයක් රචනාකර එය මුද්‍රණයකර බෙදා හැරීමට අදාලව අධිකරණ නියෝගයකට අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග මහත්වරුන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශාරීර ඇප මත මුදා හැරීමට කොාළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නියෝග කර ඇත.

    අධිකරණය හමුවේ මොවුන් දෙදෙනාට පෙනී සිටින ලෙසට අදිකරණය නියෝග කරනුයේ ඉකුත් අප්‍රේල් 29 වෙනිදාය.

    මෙම පොත සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගබාගෙන ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලීසියට නියෝග කළේය.

    උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටියදී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් 2008 වසරේ අගෝස්තු 20 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන පවත්වා අධිකරණයට කරුණු දක්වා තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img