fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැසිල් අගමැති වී නාමල් විපක්ෂ නායක වෙයිද ? මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් විමසයි

    බැසිල් අගමැති වී නාමල් විපක්ෂ නායක වෙයිද ? මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් විමසයි

    වැඩිකල් නොගිහින් බැසිල් රාජපක්ෂ මහතා අගමැති වෙයිද දන්නෙත් නැහැ. නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක වෙයි ද දන්නෙත් නැහැ. ඒ වගේ මොනවා හරි ඩීල් තියෙනවා නම් අග්‍රාමාත්‍යතුමා පුළුවන් නම් ඇවිත් රටට කියන්න යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.

    ශානකියන් රාජපුත්තිරන් රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

    මන්ත්‍රීවරු මේ දවස් දෙක තුනේම කියනවා දැක්කා අපි ඇවිල්ලා මේ අමාරුවෙන් හදාගත්ත ගෙවල්, අපි හොරකම් කරලා ගත්ත ගෙවල් නෙමෙයි කියලා කියනවා දැක්කා. ඉතිං ඒක තමයි වෙන්න ඕන. කොයි මන්ත්‍රීටද හොරකම් කරලා ගෙවල් හදන්න අවසර දීලා තියෙන්නෙ. තමන්ගෙ සල්ලිවලින් තමයි ඔවුන් ගෙවල් හදන්න ඕන.අ පි හොරකම් කරපු නැති මන්ත්‍රීවරු කියලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන එක අපි අනුමත කරන්නෙ නැහැ.

    හැබැයි අපි මතක තියාගන්න ඕන මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් වලට පහර දුන්නෙ හොරකම් නිසා නෙමෙයි. මන්ත්‍රීවරයෙක් කියෙන්නෙ ජනතා නියෝජිතයෙක්.

    සමගි ජන බලවේගයේ ස්ථාවරයට අපි ගරු කරනවා. ජේ.වී.පී එක ටී.එන්.ඒ එක කිව්වෙ මොකද්ද කියලා දන්නවා.හැබැයි රනිල් වික්‍රමසිංහ කිසිම කොන්දේසියක් නැතිව අගමැතිකම ගත්තා. එතුමා අගමැතිවෙලා ලොකුවට කියලා තියෙනවා රටට සත්‍ය ප්‍රකාශ කරනවා කියලා. මේ සත්‍ය තමයි අපි අවුරුදු එක හමාරක් දෙකක් තිස්සෙ කිව්වෙ.

    අපි හිතුවේ මෙතුමා ආපු ගමන් මේ මේ රටවල් එක්ක කතා කරලා, සති තුනක් ඇතුළත ගෑස් හිගය නවත්වයි. මාසයක් ඇතුළත ඉන්ධන හිඟය නවත්තයි වගේ ඒවා. මාස කිහිපයක් ඇතුළත බෙහෙත් හිඟය නවත්තනවා. කියයි කියලා. අද මොනවද ඇවිත් කියන්නෙ පෙට්‍රල් නෑ කියනවා. අමාරුම මාස තුන ඉදිරියට තියෙන්නෙ කියනවා. ඒක අපි දන්නවා.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ තනතුර ගත්තෙ රාජපක්ෂ පවුල බේරගන්න. බිත්තියට හේත්තුකරලා තිබ්බ රාජපක්ෂ පවුල බේරගන්න තමයි ඔබතුමා මේ තනතුර ගත්තෙ.

    අපට ආරංචියි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටවත් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තෙ නැහැ කියලා. එක මන්ත්‍රී නිසා එතුමාගේ ගෘෆ් මීටිම තනියම තියාගන්න ඇති. ඇත්ත ද ? බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා.

    කිසිම පෞද්ගලික අමනාපයක් නෑ එතුමා එක්ක. හැබැයි මේ අරගලය පාවා දීම තමයි මට එතුමා එක්ක තියෙන ප්‍රශ්නය. වැඩිකල් නොගිහින් බැසිල් රාජපක්ෂ මහතා අගමැති වෙයිද දන්නෙත් නැහැ. නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක වෙයි ද දන්නෙ නැහැ. ඒ වගේ මොනවා හරි ඩීල් තියෙනවා නම් පුළුවන් නම් ඇවිත් රටට කියන්න යැයි රාසමානික්කම් මන්ත්‍රීවරයා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.