තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇමතිධුර ගැනීම පක්ෂ තීන්දුවට පටහැනියි - මෛත්‍රිපාල සිරිසේන

    ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇමතිධුර ගැනීම පක්ෂ තීන්දුවට පටහැනියි – මෛත්‍රිපාල සිරිසේන

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (20) දින අමාත්‍යධුර ලබා ගැනීම පක්ෂ තීන්දුවට පටහැනි බව ශ්‍රිලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමින් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන කැබිනට් අමාත්‍යධුර ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිළිබඳ අදහස් පළ කරමින් මේ බව සඳහන් කළේය.

    මෛත්‍රීපාල සිරිසේන මහතා අද(20) දින පාර්ලිමේන්තුවේ දී මෙසේ ද කීවේය.

    “අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ අය අතරත් ගැටුම් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. පැහැදිලිව කියන්න ඕන. පක්ෂයක් විධියට තීන්දු කළේ ආණ්ඩුවට සහයෝගය දීම පමණයි. ඇමතිධුර ලබා ගැනීම කරලා තියෙන්නෙ පක්ෂ තීන්දුවකට පටහැනිවයි.

    ඇමතිකම් ගැනීම ගැන අපි තීරණයක් ගත්තෙ නැහැ. තීන්දු කළේ රජයට අපි අවශ්‍ය සහයෝගය දෙමු කියලා. පාර්ලිමේන්තුවේදීත් සහය දෙමු. නමුත් අමාත්‍යධුර තනතුරු ගැනීම අවශ්‍ය නැහැයි කියන එකයි අපි තීරණය කරලා තිබුණේ. ඒ නිසා ඒ පිළිබඳවත් මම මතක් කළ යුතුයැයි” මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img