Home උණුසුම් පුවත් ආණමඩුවේ කම්හලක් ගින්නකින් විනාශයි

ආණමඩුවේ කම්හලක් ගින්නකින් විනාශයි

0
ආණමඩුවේ කම්හලක් ගින්නකින් විනාශයි

ආණමඩුව – වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

19 වැනිදා රාත්‍රී 7.30 ට පමණ අරම්භ වී ඇති ගින්න 20 වැනිදා අළුයම 3.00 පමණ වන තුරු තිබී ඇත.
ගිනි ගෙන විනාශයට පත්ව ඇති ඇගළුම් කර්මාන්ත ශාලාව මාස 07 ක පමණ කාලයක් සිට වසා දමා තිබී ඇත.

හදිසියේ ඇති වන ගින්නක් පාලනය කිරීම සදහා ආණමඩුව හෝ ඒ අවට කිසිදු පළාත් පාලන අයතනයකට ගිනි නිවන ඒකකයක් නැත.ඒ අනුව පිටස්තර ප්‍රදේශයකින් ගිනි නිවන ඒකකයක් ගෙන්වා ගැනීමට නවගත්තේගම පොලීසිය උත්සාහ කර ඇත.නමුත් පවතින ඉන්ධන හිගය හේතුවෙන් ක්ෂණිකව ගිනි නිවන ඒකකයක් සපයා ගැනීමට නොහැකි වී ඇත.

රාත්‍රී 11.30 ට පමණ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ඇති නමුත් ඒ වන විටත් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න බොහෝ දුරට පාලනය කිරීමට කටයුතු කර තිබී ඇත.

ගින්න හට ගත් ආකාරය මෙතෙක් අනාවරණය නොවූ බවත්,සිදුවී ඇති අලාභය තස්සේරු කර නොමැති බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here