තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිරිඟුපිටි මිල ඉහළට

    තිරිඟුපිටි මිල ඉහළට

    ප්‍රීමා සමාගම විසින් තිරිඟුපිටි මිල රුපියල් 40න් ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා මිල්ක් වර්ගයේ තිරිඟුපිටි කිලෝවක් රුපියල් 243.50 දක්වා මිල ඉහළ යනු ඇත.

    එමෙන්ම කිලෝ 50ක තිරිඟුපිටි මිටියක මිල රුපියල් 10,000 ට වැඩි මිලක් දැරීමට සිදුවන බවයි බේකරි හිමියන් සඳහන් කරන්නේ.

    මේ අතර සෙරනඩිබ් සමාගම විසින් ඊයේ (18) දිනයේදී තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 35 න් ඉහළ දැමුවා.

    තිරිඟුපිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ.

    මේ ආකාරයට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා දැඩි අසීරුතාවට පත්වන බවත්, සිය කර්මාන්තය කඩාවැටීමේ අවධානමක් ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img