තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදු යන්න තෙල් නෑ - බෝට්ටු වරායේ - නොගියත් ගෙවන්න වෙලා

    මුහුදු යන්න තෙල් නෑ – බෝට්ටු වරායේ – නොගියත් ගෙවන්න වෙලා

    මසුන් මැරීම සදහා මුහුදු යාමට නොහැකිව බහු දින යාත්‍රා 5000 කට ආසන්න ප්‍රමාණයක් ධීවර වරායන් තුළ ගාල් කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    බහු දින යාත්‍රාවක් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් නැවත ගොඩ බිමට ඒමට දින 45 ක පමණ කාලයක් ගත වේ.

    මේ අනුව බහු දින යාත්‍රාවකට එක් ගමන් වාරයක් සදහා ඩීසල් ලීටර් 11,000 ක් පමණ වැය වන බවද බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

    දිනකට එක් වරායකට ඩීසල් ලීටර් 33,000 කට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලය තුළ නිකුත් කර ඇත.නමුත් පසුගිය 17 වැනිදා දික්ඕවිට වරායට ලැබී ඇත්තේ ඉන්ධන ලීටර් 19,000 ක් පමණි.

    එම ප්‍රමාණය බහු දින යාත්‍රා 02 කටවත් ප්‍රමාණවත් නොවන බවද රුවන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

    දින 45 ක ගමන් කාලයකින් අනතුරුව ධීවර වරායන් තුළ ගාල් කරණු ලබන බහු දින යාත්‍රා තවත් දින 14 කින් පමණ නැවත පිටත් වීම සාමන්‍ය ක්‍රමවේදයයි.

    නමුත් මෙම තත්ත්වය අනුව මාස 02 කට වැඩි කාලයක් තම යාත්‍රා ධීවර වරායන් තුළ ගාල් කර තැබීමට සිදුවන බව බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

    ධීවර වරායන් තුළ ගාල් කර තබන සෑම දිනයක් වෙනුවෙන් ගාස්තුවක්ද, මුරකරුවන්ට වැටුප්ද ගෙවන තමන්,ආදායමක් නොමැතිව ගාල් කර තබන යාත්‍රා වෙනුවෙන් ලබා ගෙන බැංකු ණය වාරිකද නිසි පරිදි ගෙවිය යුතු බවද පෙන්වා දෙයි.

    ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී එක් ගමන් වාරයකට රුපියල් ලක්ෂ 11 ක පමණ අමතර මුදලක් වැය බවත්,ඒ අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන නොලැබීම නිසා තමන් කබලෙන් ලිපට වැටී සිටින බවද බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් තම යාත්‍රා වලින් අල්ලා ගෙන එන මසුන් අලවි කරණු ලබන්නේ ජාත්‍යන්තර වෙළද පළට වන බැවින් ඒ තුළින් විශාල විදේශය විනිමයක් රටට ලැබෙන බවද පෙන්වා දෙයි.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img