Home දේශීය පුවත් සනත් – මිලාන් රක්ෂිතයට

සනත් – මිලාන් රක්ෂිතයට

සනත් – මිලාන් රක්ෂිතයට

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මහත්වරු ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහොස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

ඒ ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත්වන ලෙසත් පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සළසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට මෙහිදී නියෝගයක්ද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here