තවත්
    මුල් පිටුවspecialයුද හමුදාවේ සන්නද්ධ රථවලින් කොළඹ නගරයේ ක්ෂණික මාර්ග බාධක

    යුද හමුදාවේ සන්නද්ධ රථවලින් කොළඹ නගරයේ ක්ෂණික මාර්ග බාධක

    ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා සංග්‍රාමික විශේෂ සන්නද්ධ රථ යොදාගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව අද (14) දින මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක ස්ථාපනය කර තිබේ.

    හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය වෙත රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරිමට මෙන්ම රටේ මහජනතාව සහ පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා තම දායකත්වය සපයා ඇත.

    සාමකාමී වාතාවරණය තව දුරටත් පවත්වාගෙන යාම සදහා මෙම පියවර ගෙන ඇති අතර එම අවස්තාවන් හිදී ලබාගන්නා ලද වීඩියෝ සහ ජායාරූප පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img