Home දේශීය පුවත් උණුසුම් පුවත් බදුල්ලට අධික වැසි සමග ජල ගැලීම් සහ පස් කදු කඩාවැටීම්

බදුල්ලට අධික වැසි සමග ජල ගැලීම් සහ පස් කදු කඩාවැටීම්

0
බදුල්ලට අධික වැසි සමග ජල ගැලීම් සහ පස් කදු  කඩාවැටීම්

බදුල්ල දිස්ත්‍රික්කයට අද (14) සවස ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග හාලිඇල කන්දකැටිය මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ අතර ඇටම්පිටිය අලුත්වෙලදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් වැලිමඩ – බදුල්ල මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල විය.

මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත්කර වාහන ධාවනයට මාර්ගයේ කොටසක් විවෘත කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත විය. ඒ සදහා පොලීසිය සමග ගම්වැසියන් දැඩි පරීශ්‍රමයක් දැරුවේය.

අධික වර්ෂාව හේතුවෙන් තවදුුරටත් පපස් කදු මාර්ගයට කඩා වැටීමේ අවධානමක් පැවතුණි.

ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here