Home උණුසුම් පුවත් ප්‍රචණ්ඩත්වය පතුරන්න සමාජ ජාල භාවිත කළ ඇඩ්මින්ලා 100ක් හඳුනාගනී

ප්‍රචණ්ඩත්වය පතුරන්න සමාජ ජාල භාවිත කළ ඇඩ්මින්ලා 100ක් හඳුනාගනී

ප්‍රචණ්ඩත්වය පතුරන්න සමාජ ජාල භාවිත කළ ඇඩ්මින්ලා 100ක් හඳුනාගනී

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උද්ඝෝෂණවලට ඉකුත් 09 වෙනිදා පහරදීමෙන් පසු දිවයිනේ පුරා ප්‍රචණ්ඩක්‍රියා මෙහෙයැවීම සදහා සමාජ ජාල යොදාගත් සමාජ මාධ්‍ය පාලකවරු 100කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එම සමාජ මාධ්‍ය ජාල පාලකවරු මෙන්ම සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන ආරම්භ කර ඇතැයිද නිහාල් තල්දූව මහතා කීය.

දේපොලවලට පහරදෙමින් සමාජ විරෝධි ක්‍රියා සහ අපරාධවලට යොමුවූ පිරිස් සම්බන්ධයෙන් තවදුරටත් පොලීසිය මහජන සහය අපේක්ෂා කරන බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here