Home උණුසුම් පුවත් ශ්‍රීපාද වන්දනා වාරය ලබන සතියේ අවසන්

ශ්‍රීපාද වන්දනා වාරය ලබන සතියේ අවසන්

ශ්‍රීපාද වන්දනා වාරය ලබන සතියේ අවසන්

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය මැයි මස 17 වැනි දිනයෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් විසින් මේ බව රාජ්‍ය නිලධාරින් දැනුවත් කරමින් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ දි පැවති රැස්වීමක දී සඳහන් කර ඇත.

කෙසේවෙතත් වෙසක් පොහෝ දෙදින (15,16) ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට හැකි වේ.

17 වැනි දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන්වලින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව වැඩම කරවීමට නියමිතය.

එය රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය, බගවන්තලාව – බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය, ලක්ෂපාන, කළුගල, යටියන්තොට, අවිස්සාවේල්ල – රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ පැල්මඩුල්ල – ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here