Home උණුසුම් පුවත් ලක්ෂමන් හුළුගල්ල සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වේ

ලක්ෂමන් හුළුගල්ල සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වේ

ලක්ෂමන් හුළුගල්ල සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වේ

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

66 වන වියේ පසුවූ ඒ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් සිඩ්නි නුවර පිහිටි රොහලකට ඇතුලත්කර සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්ය.

යුද්ධය පැවති සමයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද ලක්ෂමන් හුළුගල්ල මහතා කටයුතු කරනු ලැබීය. ජනතාව අතර වඩාත් කැපී පෙනෙන චරිතයක් බවට ඔහු පත්වූයේ එකළය.

ඔහු පළමු චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව වන ස්ටාර් ටීවීලංකා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 2001 වසරේදීය.

එමෙන්ම එවකට පැවති සත් එෆ්එම් සහ එහි ඉංග්‍රීසි මාධ්‍ය ගුවන් විදුලි නාලිකා වන hitz FM ඇතුළත් සැට්නෙට් මාධ්‍ය ජාලයේ හිමිකරු වූයේ ද ඔහු ය.

ලක්ෂ්මන් හුළුගල්ල මහතා සිනමා හා ටෙලිනාට්‍ය ආදි කලාත්මක නිර්මාණ සඳහාද නිෂ්පාදනයෙන් දායක වූ අයෙකි.

ධර්මසේන පතිරාජගේ පුර සක්මන, ආනන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය, පරාක්‍රම නිරිඇල්ලගේ සඳගිරි පව්ව, ඇන්ඩෘ ජයමාන්න අධ්‍යක්ෂණය කළ ඇනා කැරනිනා කතාව වැනි සම්මානනීය ටෙලි නාට්‍යවල නිෂ්පාදකවරයා ඔහු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here