Home උණුසුම් පුවත් හමුදා සහ පොලිස් නිලධාරීන්ට ෆේස්බුක් ඔස්සේ තර්ජනය කළ යුද හමුදා හිටපු නිලධාරියා උසාවියට

හමුදා සහ පොලිස් නිලධාරීන්ට ෆේස්බුක් ඔස්සේ තර්ජනය කළ යුද හමුදා හිටපු නිලධාරියා උසාවියට

හමුදා සහ පොලිස් නිලධාරීන්ට ෆේස්බුක් ඔස්සේ තර්ජනය කළ යුද හමුදා හිටපු නිලධාරියා උසාවියට

සටහන – දිලංක ගුණතිලක

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාසවලටත් හානි කරන ලෙස පවසමින් ෆේස්බුක් හරහා පෝස්ටුවක් උඩුගත කර මහජනයා ප්‍රකෝපකාරී කිරීමට කටයුතු කළ අයකු අද(12) සවස නිට්ටඹුව පොලීසියට විසින් අත් අඩංගුවට ගෙන හෙට (13) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ පුද්ගලයා ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ලුතිතන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් 2020 ජනවාරි මස 29 දින යුද්ධ හමුදා සේවයෙන් පහ කළ අයෙකු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තහවරු කරන ලදී.

මොහු 2010.10.29 දින යුද්ධ හමුදාවට බැඳි ඇති අතර තම අණදෙන නිලධාරියාගේ අත්සන ව්‍යාජ යෙදීමේ චෝදනාව යටතේ 2020.01.29 දින යුද්ධ හමුදා සේවයෙන් පහකර ඇත.

පසුගිය දිනවල කලහකාරී ලෙස හැසිරෙමින් දේපළ හානිකළ පුද්ගලයින් ආමන්ත්‍රණය කරමින් ඔහු සිය ෆේසුබුක් ගිණුමේ සටහනක් යොදා ත්‍රිවිධ හමදාවේ සහ පොලීසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාස පිළිබඳවද අවධානය යොමුකරන්නැයි ඉල්ලා තිබුණි.

සැකකරු නිට්ටඹුව පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here