තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිකමට පක්ෂ 11න් යෝජනා වූ නම් තාම ජනාධිපතිට යොමුකර නෑ -මෛත්‍රී

    අගමැතිකමට පක්ෂ 11න් යෝජනා වූ නම් තාම ජනාධිපතිට යොමුකර නෑ -මෛත්‍රී

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11 නායකයින් විසින් නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් 03ක් යෝජනා කළද මෙතෙක් එම නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර නැත.

    ඒ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද තහවුරුකර තිබේ.

    එම නම් යෝජනා වී ඇත්තේ ඊයේ පැවති පක්ෂ 11 සාකච්ඡාවකදීය.

    එසේ නව අග්‍රාමාත්‍ය ධූරයට යෝජනා වී ඇත්තේ නිමල් සිරිපාලද සිල්වා, ඩලස් අලහප්පෙරුම සහ විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ නම්ය.

    මේ අතර සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත්තේ "රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල වලට මම කිසිසේත්ම දායක නොවෙමි." යනුවෙනි.

    "එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතුවේ." යනුවෙන්ද එහි සඳහන්ය.

    සජබ පාර්ලිමේන්තු මනිත්‍රී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතාද සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ "ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි." යැයි කියාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img