Home උණුසුම් පුවත් “අද පරණ විදියට දේශපාලනය කරන්න බැරි බව හැමෝම දැනගන්න”

“අද පරණ විදියට දේශපාලනය කරන්න බැරි බව හැමෝම දැනගන්න”

“අද පරණ විදියට දේශපාලනය කරන්න බැරි බව හැමෝම දැනගන්න”

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලයක නිරතවූ පිරිසට
එල්ල වූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරගලයේ නිරතවූ එම තරුණ පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව තම විරෝධය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.

එබැවින් වැරදි කළ හැම දෙනාටම දඬුවම් කළ යුතු අතර පරණ විදියට දේශපාලනයේ යෙදෙන්නට බැරි බව සියලු දෙනාට පවසන බවත් හෙතෙම සඳහන් කළා.

අප සියලුම සියලුම දෙනා ඊට දුන් ප්‍රතිචාරය ප්‍රමාණවත් නැතැයි ද ඒ වෙනස ඉදිරියට ගෙන යාමට සීඝ්‍ර වුණේ නැති හෙයින් ඒ වැරැද්ද  පිළිගත යුතු යැයිද හිටපු ඔහු සඳහන් කළේය.

මෙම  ගැටුම් දිගටම ක්‍රියාත්මක වන්නේ නම් ආර්ථික පීඩනය තවත් වැඩි වෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here