Home උණුසුම් පුවත් ජනපති සහ අගමැතිගෙන් ජනතාවට ඉල්ලීමක්

ජනපති සහ අගමැතිගෙන් ජනතාවට ඉල්ලීමක්

ජනපති සහ අගමැතිගෙන් ජනතාවට ඉල්ලීමක්

ගාලුමුවදොර අරගල භූමිය ආශ්‍රිතව මේ වනවිට ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ජනතාවට පණිවිඩ නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ උසිගන්වන්නන් සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බවයි.

එමෙන්ම ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැති බවත් සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස  සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කියාසිටී.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ප්‍රචණ්ඩත්වයෙන් උපදින්නේ ද ප්‍රචණ්ඩත්වය බව මතක තියාගත යුතු බවත් සංයමයෙන් කටයුතු කරන ලෙස තමා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here