මුල් පිටුව උණුසුම් පුවත් බුදුන්ගේ රස්තියාදුවට සන්නස්ගලට නොතීසි

බුදුන්ගේ රස්තියාදුවට සන්නස්ගලට නොතීසි

0

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් වූ කෘතියෙන් ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා අපහාස කරමින් බුදු දහමටඅපහාසකර ඇති බව සදහන් කරමින් හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කළ පැමිණිලකට අදාලව වගඋත්තරකරුවන් වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට ලබන 20 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතිසි නිකුත් කර තිබේ.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බැවින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පොලීසිය ඊයේ (29) අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නොතිසි නිකුත් කිරීම සිදුවිය.

විජයදාස රාජපක්ෂ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනුයේ 2018 වසරේ අගෝස්තු 20 දා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍යවරයාව සිටියදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version