Home උණුසුම් පුවත් අද ඉඳන් බඩු ගත්තත් – දුන්නත් මේක අනිවාර්යයි

අද ඉඳන් බඩු ගත්තත් – දුන්නත් මේක අනිවාර්යයි

අද ඉඳන් බඩු ගත්තත් – දුන්නත් මේක අනිවාර්යයි

භාණ්ඩ මිලදීගැනීම, රැස්කිරීම, ගබඩා කර තැබීම සහ අලෙවියේදී නිවැරදි දත්ත සහිත කුවිතාන්සිය අනිවාර්ය කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙය ඊයේ (27) සිට බලපැවැත්වෙනු ඇත.

ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, ඛෙදාහරිනන්, ගබඩාකරුවන් හෝ වෙළෙන්දන් විසින් මිලදී ගෙන බහාලුමක ගුදමක, ව්‍යාපාරික ස්ථානයක හෝ කුමන හෝ ස්ථානයක තබාගෙන සිටින භාණ්ඩවලට මෙය අදාළ වේ.

ඒ අනුව තමාට භාණ්ඩ සැපයූ සාදන්නෙකු, නිෂ්පාදකයෙකු, සැපයුම්කරුවෙකු, බෙදා හරින්නෙකු, ගබඩාකරුවෙකු, හෝ වෙළෙන්දෙකු විසින් ලිඛිත හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කරන ලද කුවිතාන්සියක් හෝ බිල්පතක් හෝ ඉන්වොයිසියක් තම සන්තකයෙහි පාලනයෙහි හෝ භාරයෙහි තබා ගත යුතු වේ.

එම කුවිතාන්සියේ හෝ බිල්පයත් හෝ ඉන්වොයිසියේ සත්‍ය තොරතුරු ඇතුළත් වන්නේ නම් මිස එම භාණ්ඩ විකිණීම, ගබඩා කිරීම, රැස්කර තබා ගැනීම, බෙදා හැරීම විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා හෝ ප්‍රදර්ශනය කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙමගින් නියෝග කර ඇත.

  1. භාණ්ඩ සැපයුම්කරුගේ නම සහ ලිපිනය.
  2. මිලට ගත් දිනය 4. ගැනුම් මිල
  3. භාණ්ඩ වර්ගයේ නම්
  4. ප්‍රමාණය
  5. භාණ්ඩ අංකය (ඇත්නම්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here