Home උණුසුම් පුවත් SSPගේ මඟ යමින් SP සමඟ 5ක් කුණ්ඩසාලේ පොලිස් රෝහලට

SSPගේ මඟ යමින් SP සමඟ 5ක් කුණ්ඩසාලේ පොලිස් රෝහලට

0
SSPගේ මඟ යමින් SP සමඟ 5ක් කුණ්ඩසාලේ පොලිස් රෝහලට

රඹුක්කන උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් නියම කළ නිලධාරීන් අතර සිටින පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් මෙයට සුළු මොහොතකට පෙර රෝහල්ගතවීම සඳහා කුණ්ඩසාලේ පොලිස් රෝහලට පැමිණ ඇත.

රෝහල් තොරතුරු සඳහන් කරනු ලැබුවේ විවිධ රෝගී තත්ත්වයන් කියමින් ඔවුන් රෝහල්ගතවීමට පැමිණ සිටින බවය.

වෙඩි තැබීමට නියෝගදුන් කෑගල්ලේ හිටපු පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා ඊයේ නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් විය. වමනය යන බව පවසමින් ඔහු රෝහල්ගත වී තිබුණි.

මහනුවර කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලට අද ඇතුලත් වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලබාදුන් නියෝගයට අනුව වෙඩි තැබූ පහළ නිලධාරීන් සිව් දෙනා සහ එම වෙඩි තැබීමට අණදුන් බව කියන තවත් පොලිස් අධිකාරීවරයෙකි.

මෙම පොලිස් අධිකාරීවරයා සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සිටියදී ඇඹිලිපිටියේ සේවය කළ අතර එහිදී පුද්ගලයෙක් මහල් ගොඩනැගිල්ලකින් බිමට තල්ලුකර ඝාතනය කරනු ලැබුවේ යැයි චෝදනාවක්ද එල්ලවී වැඩ තහනම්ව සිටියේය. එම ඝාතනය සිදුව තිබුණේ ඇඹිලිපිටියේ නිවසක පැවති සාදයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමක් සම්බන්ධයෙනි. ඔහු ඇතුළු පොලිස් කණ්ඩායමක් එම සාදය පැවති නිවසට කඩා පැන පහරදී කළ එම ඝාතනය ආන්දෝලනයට තුඩුදුන්නකි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග තවමත් පවතින අතර ඔහු නැවත සේවය පිහිටුවාගෙන කෑගල්ලේ සේවයේ නිරතව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here