Home උණුසුම් පුවත් රාජ්‍ය සේවයේ පටි තවත් තද කරයි

රාජ්‍ය සේවයේ පටි තවත් තද කරයි

රාජ්‍ය සේවයේ පටි තවත් තද කරයි

රාජ්‍ය වියදම් තවදුරටත් පාලනය උදෙසා මුදල් අමාත්‍යාංශය මගින් විශේෂ චක්‍රලේඛයක් අද (26) නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය, සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්ලිමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බැවින් රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ පිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් මහජනතාව වෙන වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීමේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා ප්‍රමුඛතාව ලබාදිය යුතු කරුණක් බවට පත්ව ඇතැයි චක්‍රලේඛයේ දැක්වේ.

මෙම අභියෝකාරී වාතාවරණය පාලනය කර ගැනීම සඳහා රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයකි.

නමුත්, ඒ සඳහා යම් කාලයක් ගෙන වන බැවින් එතෙක් රාජ්‍ය වියදම් ඉතාම අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බවද එහි සඳහන් ය.

එබැවින්, විවිධ චක්‍රලේඛ මගින් දැනටමන් හඳුන්වා දී ඇති ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලිබල වියදම් සීමා කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම, දේශීය අරමුදල් මගින් සිදුකරනු ලබන විදේශ අධ්‍යයන චාරිකා හා පුහුණු නැවැත්වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව, අමාත්‍යාංශ හෝ ආයන්‍ය මට්ටමින් සිදු කරනු ලබන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ විවිධ සුබසාධක සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇතිකර ගැනීම ආදිය මෙමගින් පාලනය කිරීමට තවදුරටත් නියෝග කෙරෙනු ඇත.

එම සම්පූර්ණ චක්‍රලේඛය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here