Home උණුසුම් පුවත් කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අවස්ථාවක්

කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අවස්ථාවක්

0
කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අවස්ථාවක්

ආර්ථිකයේ විශේෂ ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් එම ආයතනවලටම තමන්ට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ආනයනය කර භාවිතා කිරීමට හැකිවන ආකාරයට බලපත්‍ර නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ සදහා බලපත්‍ර ලබාදීමට හැකිවන ලෙස 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින් ආර්ථිකයේ තෝරා ගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, ඛනිජතෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශ්වයන්ට බලපත්‍ර ලබා දීමට හැකි වන අයුරින් 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here